Sunday 14 July 2013

ඉතිහාසයේ සිදු වුයේ මෙසේය

ගොන්ගාලේගොඩ බණ්‌ඩා නායකත්වය දුන් මෙරට සුදු අධිරාජ්ය‍ විරෝධී සැබෑ කැරැල්ල සිදු වූයේ 1848 දීය. ඉංග්‍රීසි ආණ්‌ඩුවේ අසාධාරණ බදු අය කිරීම ආසන්න හේතුව කර ගනිමින් ඊට විරුද්ධව දීප ව්යාප්තව ඉතා සාර්ථකව දියත් කෙරුණු එම කැරැල්ලේදී සුදු සොල්දාදු වෙඩි පහරින් කැරැල්ලේ වීර චරිතයක්‌ වූ චන්ද්‍ර ජෝති හිමියෝ දිවි පිදූහ. ඒ දඹුල්ලේ සිට මාතලේට ආ උද්ඝෝෂණ පෙළපාළියේදීය. ඉන් පසුව දේශප්‍රේමීබව ප්‍රයෝහිකව ඔප්පු කල පුරන්අප්පු සහ ගොන්ගාලේගොඩ බණ්‌ඩා සුද්දන් ගේ වෙඩි උන්ඩ වලට අභීතව ලය දුනි.

1848 න් පසු මෙරට ඉතිහාසයේ වසර 123 ක කාලයක්‌ ගතව ගොස්‌ තිබියදී මර්දනයට හා පීඩනයට එරෙහිව කැරැල්ලක්‌ සිදු වූයේ 1971 දීය. ඒ 71 අප්‍රේල් නැඟිටීමයි. 1948 දී මෙන්ම 71 දීත් මහා මර්දනයක්‌ දියත් විණි. 71 කැරැල්ලේ වැරැදිකරුවන් යෑයි නම් කළ අයට නඩු පැවැරුණේ හිරු නොබසින අධිරාජ්යයේ මහා රාජිනියගේ ආණ්‌ඩුවට විරුද්ධව කැරැලි ගැසීමේ වරදට යෑයි කියමිනි. ඒ අතීතයට බලපාන පරිදි නීති සම්මත කළ අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසම හරහාය. අදත් කප්පරක්‌ සමාජ ආර්ථික දේශපාලන ගොහොරුවේ ගිලී සිටින තුන්වැනි ලෝකයේ අප වැනි රටවල යල් නොපිනූ, එහෙත් තවමත් දිනා ගත යුතු යථාර්ථයක්‌ බවට පත්ව තිබෙන අධිරාජ්යඅවාදයට හා නව යටත්විජිතවාදයට එරෙහි සටන් පාඨයේ ශ්රී ලාංකීය නිර්මාණකරුවා ජ.වී.පෙ. නායක රෝහණ විඡේවීරය. 1978 යුරෝපා සංචාරයේදී ප්රංශයේ සිට පැමිණෙන ඔහුට එංගලන්තයට ඇතුළු වීම සඳහා වීසා නිකුත් නොකිරීමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව වග බලා ගෙන තිබුණේ ඒ "වරද" නිසා විය හැකිය.
ඉන් පසු උදාවුයේ ඉන්දීය අත පෙවීම් ඔස්සේ ක්‍රියාත්මක වූ කුහක ඉන්දීය විදේශ ප්‍රතිපත්තියයි. ඒ හරහා පළමු වරට දකුණු ආසියානු කලාපයේ පැසිට්වාදී බෙදුම්වාදය ක්‍රියාත්මක කළා. පුහුණුවීම් , අවි ආයුධ ලබාදීම් හා මුල්‍යමය ප්‍රතිපාදන ලබා දෙමෙන් ඉන්දීය රෝ සංවිධානය අප රටට ත්‍රස්‌ තවාදය අපනයන කලා. මෙකී සියලු තත්වයන් දෙස දේශපාලන විචක්ෂණ භාවයෙන් බැලු එකම දේශපාලන පෞරෂය වුයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ අප සදාදරණීය විජේවීර සහෝදරයා පමණි. ඉන්දියානු වයප්තවාදය හරහා ක්‍රියාත්මක වූ ඉන්දු ලංකා ගිවිසුම දෙස දේශප්‍රේම් දෘෂ්ටියෙන් හා අධිරාජ්‍යවාදී විමසුමෙන් කල් යල් ඇතුව දුටු ඔහු , එකී කුට පරමාර්ථ ලාංකීය සිංහල ද්‍රවිඩ වරප්‍රසාද ලත් පන්තිය හා ඉන්දීය නරුමවාදීන් සමග එක්ව ක්‍රියාත්මක කල කුමන්ත්‍රණය අවිගත් අරගලයක බලපෑම මත පරාජයට පත් වුනා. ඉතිහාසය ලියවේ ඇත්තේ එසේය. අද බොහෝ පිරිසක් දේශප්‍රේමී සළු පිලි ඇඳ හුදු වාග් සංග්‍රාම කලද , ලාංකීය සැබෑ නිදහස් අරගලය වෙනුවෙන් අනුපමේය කැපවීම් කල මිනිසුන් නිදන්නේ අමුසොහොනක බව හිතාමතාම අමතක කොට ඇත.

Friday 5 July 2013

රෝහණ විජේවීර අදටත් වලංගුද ?

රෝහණ විජේවීර අදටත් වලංගුද ? 

මෙරට වාමාංශික දේශපාලනයේ කැපී පෙනෙන චරිත කිහිපයක් විය. ඒ අතරින් ඇන්.එම්. පෙරේරා , දොස්තර වික්‍රමසිංහ, කොල්වින් ආර්.ද සිල්වා, පිලිප් ගුණවර්ධන හුවා දැක්විය හැක. 
මේ සියලු දේශපාලන චරිත එක්තරා කාලයක රටේ ජන විඥානය සසල කල මිනිසුන්ය. එහෙත් නිවැරදි පන්ති දැක්ම වෙනුවට තම තමන්ගේ සුඛවිවරණය උදෙසා තම දේශපාලන ව්‍යාපාරය උකස් කර පක්ෂය මෙන්ම පන්තියද අරමුණක් නැති දේශපාලන මඩ ගොහොරුවක් වූ ධනපති සභාග ඉදිරියේ අකර්මන්‍ය කළේය. එවිට ලාංකීය දේශපාලන බිමට වමේ රික්තකය බිහිවිය. පීඩිත පව්ල් පසුබිමකින් පැවත එන රෝහණ විජේවීර නම් තරුණයෙකු එකී රික්තකය පිරවීමට, සිය වෛද්‍ය උපාධිය දනින් වැටී ලබා ගන්නවා වෙනුවට පැරණි වමෙන් ගිලිහුණු වමේ රතු ධජය සුරතට ගත්තේය. 
1970 වන විට නැවතත් ලාංකීය භූමියට වමේ නැවුම් සුවඳ දැනුනි. රෝහණ විජේවීර බිහිවීමත් සමගම සමසමාජ -කොමියුනිස්ට් පක්ෂ හරහා අකර්මන්‍ය වී තිබුණු වාම ප්‍රවාහය නැවත අලුගසා නැගී සිටියේය. පැරණි වම ජනතාවගෙන් ප්‍රතික්ෂේප විය. එපමණක් නොව පැරණි වමේ නායකයන් අභිබවා නව නායකත්වයක්ද බිහිවිය. 

කුණුවී දිරාපත්වන ධනවාදය වෙනුවට සමානාත්මතාවය , සාධාරණය රජයන සමාජ ක්‍රමයක් ගොඩනැගීමේ පළමු වෙඩිහඬ 1971 අප්‍රේල් 05 වන දින හමා ගියේ ලාංකීය පීඩිත පන්තියට නව බලාපොරොත්තු එක් කරමිනි. දස දහස් ගණන් තරුණ තරුණියන් ඉච්චාභාන්ගත්වයට පත්කර, අරාජිකත්වය මුළුමහත් සමාජයම වසමින් , වතු පාලකයන් විසින් කම්කරු පන්තිය පාගමින් , රදල වලව් තුලින් රටේ සියලු තීන්දු තීර ගැනීම් තිබුණු තත්වයක එදා රට පැවතුනි. එයට එරෙහිව අභීතව ජනතාව පෙළ ගැස්වීමට හැකි වුයේ විජේවීර නම් අසහාය මිනිසාට පමණි. 

71 ජනතා නැගිටීම අසාර්ථක විය. දහස් ගණනක් වීර සටන්කාමීන් මරු මුවට පත් විය. තවත් බොහෝ පිරිසක් සිරදඬුවම් වින්දේය. 13 වන විත්තිකරුවූ රෝහණ විජේවීර දීර්ඝ සිර දඬුවමකට යත් විය. විත්ති කරුවන් 24 දෙනාගෙන් කිහිප දෙනෙකු හැර අන් සියල්ලන්ම අන්ත දක්ෂිනාන්ශීක කඳවුරේ සුරතලුන් බවට පත් විය. ඔහු අතහැර ගිය කිසි වෙකුට ඔහු පසු කර යා නොහැකි වීම ඉතා සුවිශේෂී කරුණකි.බොහෝ අය නව දේශපාලන ප්‍රවාහයන් ආරම්බ කලේ විජේවීර පරාජය කිරීමට මිස දේශපාලන වෙනසක් කිරීමට නොවේ. නමුදු කිසිවෙකු ඔහු අභිබැවීමට අසමත් විය. 

රෝහණ විජේවීර යනු වමේ සියලු දේශපාලන නායකයන් අභිබවාගිය විදග්ද්ද දේශපාලන පෞරශයකි .ඔහුගේ ව්‍යාපාරය තුල බිහි වූ සාමාජිකත්වය විශිෂ්ට කැපකිරීම් වලින් ලාංකීය දේශපාලනය වෙනස් කලේය.එවකට තාක්ෂනය අද මෙන් නොදියුණු යුගයක එක රැයකින් මුළු රටපුරාම එකම පෝස්ටරය ඇලවීමට සමත් විය.වසර ගණනාවක සිර ජීවිතයෙන් නිදහස් කිරීමට ධනපති පාලකයන්ට සිදු විය. විජේවීර සහෝදරයා නැවතත් ලාංකීය දේශපාලන භුමිය මත දෙපයින් නැගී සිටි යේය. දෑස ඉදිරිපිට පෙනෙන අයුක්ති සහගත පාලනය, පීඩනය, දුගී බව , තමන්ට කිසි සේත්ම හිස එසවීමට නොදෙන කුරිරු ධනේශ්වර ක්‍රමය තුල පෑගුනු සමාජ සාධාරණත්වය ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත් ජනතාව ඔහු හා එක්විය. 

විප්ලවවාදී ප්‍රවාහයෙන් ප්‍රජාතන්ත්‍රවාදය උරගා බැලු අවස්තාවක් ලෙස 1982 ජනාධිපතිවරණය හැඳින් විය හැක.එහිදී චන්ද 273428 ක් ලබා ගනිමින් පැරණි වම දේශ පාලන කුණු බක්කියට ඇද දැමීය. රටේ තුන් වන බලවේගය බවට පත් විය. රෝහණ විජේවීරයන්ගේ උදාර නායකත්වයෙන් අතිමහත් නිර්ධන පන්තියේ පිබිදීමක් සිදුවන බව වටහා ගත් යැංකි ඩිකී නොහොත් ජේ.ආර් . 83 කළු ජුලිය දඩමීමා කරගනිමින් ජ.වී.පෙ. තහනම් කළේය .ඉන් පසු විජේවීර තහනම් දේශපාලනයට බලහත්කාරයෙන් ඇද දැමීය. 
ජ.වී.පෙ. තහනම ඉවත්කිරීමට පක්ෂයක් ලෙස නොගත් උත්සහයක් නැත. එවකට රටේ සෑම සියලු පාලමක්ම, බෝක්කුවක්ම සැරසුනේ " ජ.වී.පෙ. තහනම ඉවත් කරනු" යනුවෙනි. තහනම් දේශපාලනය මැද වුවද ඔහු රටේ ජාතික ප්‍රශ්නය අමතක නොකළේය. ඒ වෙනුවෙන් කිසිවෙකු මෙතෙක් ඉදිරිපත් නොකළ ශ්‍රේෂ්ට දේශපාලන තිසීසයක් වූ "දෙමල ඊලාම් අරගලයට විසදුම කුමක්ද "කෘතිය රචනා කළේය. ඉන් පසු එළබෙන්නේ මෙරට අවසන් ආක්‍රමණිකයා වූ ඉන්දීය රජයට එරෙහිව අධිරාජ්‍යවාදී සටන දියත් කිරීමය. එවිට තහනම් දේශපාලනය තුලදීද රට වෙනුවෙන් එකී ඇති දුෂ්කර කර්තව්‍යට උර දීමට විජේවීර ඇතුළු පක්ෂය දෙවරක් සිතා බැලුවේ නැත. 
1989 නොවැම්බර් 13 වන දින පණපිටින් ඔහු දවා අළු කිරීමට ප්‍රේමදාස -රන්ජන් විජේරත්න සුසංයෝගය එක තීන්දුවකට එළඹුණි. ධනේශ්වර පන්තියේ පොදු සතුරා මරාදැමීය. 
ලිපියේ මුඛය පරමාර්ථය වූ විජේවීර අදටත් ගැලපෙනවාද යන්න ප්‍රශ්නය නැවත මතු කරමු. වර්තමානය වන විට සමාජවාදී කඳවුර ධනවාදී න්‍යායන්ට අනුව සහමුලින්ම බිඳ වැටී ඇත. තවත් ධනේශ්වර විශාරදයන් වෙළුම් සිය ගණනක් ලියමින් සමාජවාදී ක්‍රමය අහෝසි වී ඇති බවත් ලිබරල්වාදය ලොවේ නුතන විසඳුම බවත් ප්‍රකාශ කල අවස්තාවන් බොහෝ ඇත. ලංකාවේ නම් ධනේශ්වර ඇබ්බැට්ටයන් කිවේ " මැච් එක ඉවරයි" කියාය. 
තතු එසේ තිබියදී මුළු මහත් ලෝකයේත් , ලාංකීය ජනසමාජය තුලත් පෙරටත් වඩා සුරාකෑම, අයුක්තිසහගත බව , දරිද්‍රතාවය, සුදුස්සාට සුදුසු තැන නොලැබීම, , ආදී දහසක් පීඩනයන්ට සිර කර ඇත. එහි දෛනික වර්ධනයක් පමණක් දැකිය හැක. රෝහණ විජේවීර හා ඔහු ගොඩනැගු දේශපාලන ව්‍යාපාරය එරෙහි වුයේ මෙකී කරුණු උදෙසාය. ඔහුගේ දේශපාලනය එරෙහි වුයේ ධනවාදයේ කෘරතර සුරාකෑමට එරෙහිවය. ඔහු එරෙහි වුයේ ලාංකීය අන්තොනමතික සුළුතර වලව් පාලනයට එරෙහිවය. ඒ සියල්ලක්ම අදටත් පෙරටත් වඩා වර්ධනය වී මුළු මහත් සමාජයම වෙලා ඇත. ඒ සියල්ල එලෙසම පැවතියදී විජේවීර පමණක් දවා හළු කිරීමෙන් පලක් නැත. ඔහුගේ දේශපාලන මගපෙන්වීම ලාංකීය දේශපාලනයට පමණක් නොව ලොව පුරා ධනවාදයෙන් බැටකන සකල පීඩිත ලෝකයටම පොදුය. ඔහු කිස් දිනක පැරදිය නොහැකි වමේ නායකයෙකි.

Wednesday 3 July 2013

" සොක්‍රටීස් මෙන් සැක කරන්න ...ඩෙකාට්ස් මෙන් ප්‍රශ්න කරන්න....

පරපුරක නෙත් වැසී ගිය විට අන්ධකාරය පිරී යන බව සත්‍යය . එහෙත් ඒ නෙතින් නෙත් ලද පරපුරක් සිටින විට ඒ අන්ධකාරය පරාජය කල හැක . මහා පුරුෂයන් හිරු අභිබවන්නේ එලෙසිනි.

"විජේවීර නොමැති දේශපාලනය පාලු " යැයි අන්ත දක්ෂිනාන්ෂික දේශපාලන ක්‍රියාකරුවෙකු වූ දයාන් ජයතිලක වරෙක කීවේය. දක්ෂිනාංශික දේශපාලන ව්‍යාපෘතියේ උන්නතිය වෙනුවෙන් පෙනීසිටි ඔහුට නිවැරදි දකුණ සොයා ගැනීමට නම් වම පිලිබඳ අධ්‍යනයක නිරත වීමට සිදු විය. ඔහු රෝහණ විජේවීර නම් වමේ මිනිසා අද්‍යනය කලේ නිවැරදි වම සෙවීමේ කටයුත්තටය. එය එතරම්ම නිවැරදි වමේ භාවිතාවක් විය. 

වැසුණු විට පරපුරක නෙත 
අඳුරු බව සැබවී ලෝකයම 
රැගෙනු එනු මිස ගොසින් ඉඳුදිග 
හිරු නැගෙන ප්‍රමාදය ගැන 
විපිළිසර වනු කෙලෙස අප 
පරපුරකි ඒ නෙතින් නෙත් ලද ....

" සොක්‍රටීස් මෙන් සැක කරන්න ...ඩෙකාට්ස් මෙන් ප්‍රශ්න කරන්නැයි " පරාක්‍රම කොඩිතුවක්කු සිය කවියක වරෙක වර නැගීය. විජේවීර ළමා කාලයේ සිට තාරුණ්‍යට රැගෙන ගියේ එම ගුණයය. තමා ජීවත් වන දුෂ්ට සමාජ ක්‍රමය පමණක් නොව එයට විකල්ප සමාජ ක්‍රමය ගොඩනගන වමේ ව්‍යාපාරය ගැනද ප්‍රශ්න කළේය. අවුරුදු 18 දී සෝවියට් දේශපාලනය පිලිබඳ ප්‍රශ්න කල තරුණ විජේවීරට ඒ වෙනුවෙන් රුසියානු වෛද්‍ය උපාධියට සමුදීමට සිදු විය දශක දෙකකට පසුව ඔහු මරා දමන විට එම ප්‍රශ්න කිරීම් සනාත වී නිලධාරීවාදී පාලනය උඩු යටි කුරු වී ගියේ අප දෙනෙත් ඉදිරිපිටය. 
ලාංකීය දේශපාලන ප්‍රවාහයට කෙනෙකු පිවිසෙන්නේ ධනය හා බලය සුරතින් රැගෙනය. එහෙත් විජේවීරයන්ට ඒ කිසිවක් නොතිබුණි, එහෙත් ඔහු සතුව සුවිසල් සිහිනයක් සිත තුල විය. ඒ සිහිනය හඹා යාමට තරම් අප්‍රතිහත ධෛර්යකින් ඔහුගේ සිත ගත පිරී තිබුණි. ගාන්ධිට කල නොහැකි දේ භගත් සිං ට කල හැකි දැයි ප්‍රශ්නකළ ඉන්දීය ප්‍රභූ වරු මෙන් පැරණි වමේ ඇන්.එම්. ලා රෝහණ විජේවීරගෙන් ලාංකීය අරගලය ප්‍රශ්න කළහ. පසුගාමී ධනේශ්වර පාලනයෙන් හෙම්බත් වූ , වමේ අවශ්ථාවාදයෙන් ඇට්ටකුනා වූ ලාංකීය සමාජය නිද්‍රාවෙන් අවදි කල මිනිසා වුයේ විජේවීරයන්ය. වමේ ඊනියා සම්භාව්‍ය නායකයන් අත හැර තිබු අරගල බිම නැවත සටන්කාමීත්වයෙන් ඔපවත් කරන්නේ 71 අභිමානවත් ජනතා නැගිටීම හරහාය. 

සැබෑ විප්ලවවාදීන් කිසි දිනක ධනපති මර්ධනාධිකරණ ඉදිරියේ දනින් නොවැටුනහ. පිදෙල් " ඉතිහාසය විසින් අප නොදොස් කරනු ඇතැයි " කියමින් බැටිස්ටාගේ පාලනයට අභියෝග කරමින් සිරගෙට ගියේය. භාගත් සිං " අධිකරණය විගඩම් මඩුවක් බව කියමින් " බ්‍රිතාන්‍ය කිරීටයට සමච්චල් කළේය. එදා විජේවීරයන් ධනේශ්වර අධිකරණය හමුවේ මෙසේ කියමින් ලාංකීය පසුගාමී ධනපතියන් භීතියෙන් මුසපත් කළේය. 

"අප නැගු විමුක්තියේ කාහල නාදය දෙරණ තලය පුරා රැව් පිලිරැව් දෙනු ඇත. මේ ධනේශ්වර සමාජයේ අහුමුල්ලක්ම 
එහි දෝංකාරයෙන් නින්නාද වනු ඇත. අවසානයේදී නව දේශයක් , නව ලොවක් බිහි කරමින් නව ඉරක් , විමුක්තියේ රතු ඉරක් පායනු පායනු ඇත "

විප්ලවවාදීන්ට අධිකරණ සිය ප්‍රකාශන මාද්යක් කරගත හැක. සිපිරි ගේ තාක්ෂලාවක් කරගත හැක. විජේවීර සහෝදරයා මෙකී ධනේශ්වර ආයතන දෙකම උපයෝගී කරගත්තේ සමාජයට අකුරු කරලීමටය. 
මරණයේ බිත්තියටම සිර කල මිනිසෙකු යලි පෙරලා සටන් වැදීමට ජීවිතය අවැසිය. එවැනි උපක්‍රමික යටත් වීම් ඉතිහාසය පුරා අප දැක ඇත. එවැනි සිදුවීම් සාදාරනීකරණය වූ අවස්ථා බොහෝය. එහෙත් රෝහණ විජේවීර නම් අසහාය විප්ලවවාදියාට එවැනි සම්මුතියක් හෝ පන්ති සතුරාගෙන් අවැසි නොවීය. ඔහු මරාදමුවේ ධනේශ්වර පන්තියට තිබු එකම භීතිය නිසාය. එහෙත් ඔහු මිය ගියේ නැත. ඔහුගේ ප්‍රකාශන ඇසුරින් කියවනඅයෙකුට මහා ප්‍රාඥයෙකු වේ. ඔහුගේ භාවිතාව ඇසුරින් කියවන අයෙකුට ශුර දේශපාලනඥයෙකි. ඔහුගේ දර්ෂණය නොපිළිගන්නා අයටද ඔහු ප්‍රතික්ෂේප කල නොහැකි දේශපාලන පෞරෂයකි.

ශ්‍රී ලංකාවේ නීතිය හා හා යුක්තිය යනු එකක් නොව දෙකකි ...!

"මම නීති උර්තිය හැදෑරුවෙක් නොවෙමි. වෛද්‍ය උර්තිය හදාරා මානව ප්‍රගතිය හා යුක්ති ධර්මයටත් සමාජ සාදාරනත්වයටත් ඇති භක්තිය අප කැප වීම හා බැඳීම හේතු කොට ගෙන දේශපාලන උර්තියේ යෙදුනු කෙනෙකි. 
මේ ධනේශ්වර සමාජයේ පවතින නීති ක්‍රමය පිලිබඳව කිසිදු විස්වාසයක් මට නැත.නමුත් යුක්තිය පිලිබඳ මට තද බල විස්වාසයක් ඇත. යුක්තිය යනු කුමක්දැයි මට හොඳ හැටි තෙරේ. යුක්තිය කුමක්දැයි මම හොඳින් දනිමි.මා ජීවත් වූ සුළු කාලය තුල මට පෙනී ගියේ පවතින සමාජ ක්‍රමය තුල නීතිය එකක් බවත් යුක්තිය එකක් බවත්ය .මේ සමාජයේ නීතියට යුක්තියක් නැත .යුක්තියට නීතියක්ද නැත. නීතියට පුළුවන් යුක්තිගරුක මිනිසුන් හිරකරන්නවදයට පමුණුවන්න,මරාදමන්නනමුත් යුක්තිය ජනතාවගෙන් අමතක කරන්න නීතියට බෑ. යුක්ති ගරුක මිනිසුන්ට පුළුවන් ධනේශ්වර නීතිය නොතකා සදහටම ජනතාව වෙනුවෙන් සිය යුතුකම් ඉටුකරන්න."
රෝහන විජේවීර

Thursday 20 June 2013

සෑම සමාජ ආයතනයක් මෙන්ම දේශපාලන පක්ෂයකටත් පරිනාමයක් ඓතිහාසික විකාශනයත් සංවර්ධනයත් තිබෙනවා.

සෑම සමාජ ආයතනයක් මෙන්ම දේශපාලන පක්ෂයකටත් පරිනාමයක්

ඓතිහාසික විකාශනයත් සංවර්ධනයත් තිබෙනවා. ජනතා විමුක්ති 

පෙරමුණ පිළිබඳවත් සත්‍ය එයයි. ඕනෑම දේශපාලන පක්ෂයක් 

සංවර්ධනය වනුයේ ඒ රටේ පවතින සමාජ දේශපාලනමය තත්වයන්

 තුලයි.එබැවින් එම පක්ෂයෙහි අභන්තර තත්වයත් එය ගමන් ගත්

 මාර්ගයත් කොටින්ම මුළු මහත් පක්ෂය කෙරෙහි යමෙක් විග්‍රහ කරනවා

නම් එය කල හැක්කේත් , කල යුත්තේත් එම පක්ෂය පැවැති සහ 

සංවර්ධනය වුනු ඓතිහාසික තත්වයන් තුලය.




රෝහණ විජේවීර සහෝදරයා 

























Wednesday 19 June 2013

බොනපාට් වාදයෙන් මෙරට බේරා ගැනීමට ඉදිරියට එන්න ..!

ප්‍රජාතන්ත්‍රවාදී ඉතිවාසිකම් වැඩි වැඩියෙන් ජනතාව සතු වන්නේ නම් සමාජයේ සාමකාමී පරිවර්තනයකට වැඩි ඉඩකඩ සැල සෙන්නේ යැයි සිතිය හැක. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ජනතාවගෙන්උදුරා ගනු ලබන්නේ   නම් සමාජ විප්ලවය ප්‍රචණ්ඩ මාවතක් ගැනීම වැළක්විය  නොහැක. කල යුත්තේ පොදු මිනිස් අයිතිවාසිකම් හා යුක්තිය පසිඳලීමයි.එමගින් මෙරට පුරවැසියා විනාශ මුඛයට පමුණුවන එසේ කිරීමට තර්ජනය කරන බොනපාට් වාදයෙන් මෙරට බේරා ගැනීමට සහය වන ලෙසයි .අපේ අදහස් වූ කලී  පවතින සමාජමය තත්වයන්ගේ නිෂ්පාදනයකි.එය විනාශ කල නොහැක. ඒ අදහස් මරා දැමිය නොහැක. ඒවා සිරගත කල නොහැක. ඒ අදහස් අවසානයෙදී  තව තවත් මිනිස් මොළ සහ හදවත් විසින් ග්‍රහණය කරගනු ඇත. මේ අදහස් ග්‍රහණය කරගත් මිනිසුන් ඒවා ක්‍රියාවට නගනු ඇත. ශ්‍රේෂ්ට කොමියුනිස්ට් ක්‍රමයක් සඳගා අරගල කරනු ඇත. ඔව්..!!! මිනිසුන් සිරගත කල හැක. මිනිසුන් පෝරකයට යැවිය හැක.එහෙත් නුබලාට කල නොහැක්කේ මිනිසුන්ගේ අදහස් පෝරකයට යැවීමය ."
 රෝහණ විජේවීර 

Saturday 15 June 2013

මර්ධනය තුලින්ම විප්ලවීය නැගිටීමක්

ධනේශ්වර පන්තිය අතින් රාජ්‍ය බලය නිර්ධන පන්තිය වෙතට ගැනීම ආවාට ගියාට , හිතුමනාපයට , කෙනෙකුගේ අභිරුචිය අනුව කල හැක්කක් නොවේ. ධනේශ්වර පන්තිය වෙතින් නිර්ධන පන්තිය අතට බලය ලබා ගැනීම සඳහා විප්ලවයක් සිදු කිරීම කිසිවෙකුගේත් කැමැත්තට කල හැක්කක් නොවේ. නිර්ධන පන්තිය අතට රාජ්‍ය බලය ලබා දෙන නිර්ධන පන්ති විප්ලවයක් සිදු වන්නේ කොන්දේසි සමුදායක් එකට පැවතීම  හේතු කොට ගෙනය.විප්ලවීයක් සිදු විය හැක්කේ විප්ලවීය තත්වයක් මුහුකුරා ගිය විට පමණි. 
නමුත් ධනේශ්වර පන්තිය නිර්ධන පන්තියට එරෙහිව කරනු ලබන ඉසිලිය නොහැකි පන්ති මර්ධනය තුලින්ම විප්ලවීය නැගිටීමක් සඳහා උචිත විප්ලවීය තත්වයන් උත්පාදනය කරන්නේ නැත. පීඩකයා හා පීඩිතයා අතර වෙනස්වන බල සම්බන්දතාවයන් ගේ අඛණ්ඩ ක්‍රියාදාමය පන්ති සටනය . ජනතාව සුරා කන පාලක පන්තියට ලැබෙන සහයෝගයේ පදනම පුළුල් කර ගැනීමට එම පන්තිය නොකඩවාම විවිද ක්‍රමවලින් තැත් කරයි .පීඩිතයින්ගේ ස්වාදීන , දේශපාලන, සන්විදානාත්මක හැඩගැසුම් වල වර්ධනය මර්ධනය කර දැමීමට ඔවුන් උත්සහ කරයි. ඇතැම් විට වරදාන හා මර්ධනය යන දෙකින් එකක් අවදාරණය කරමින්ද , නැත හොත් ඒවා සම්බන්ද කරමින්ද , පාලක පන්තිය ඒ අතරේ දෝලනය වෙයි. මේ අඛණ්ඩ අරගලයේදී නිර්ධන පන්තිය ප්‍රහාරයේ යෙදී සිටින්න වූ මෙන්ම පසු  බැසීමේ යෙදී සිටින්නාවූ විවිද අවස්ථා තිබේ. පාලක පන්තිය බෙදී , , අවුල් වියවුල් වී ඇති අතර , පාලක පන්තිය ප්‍රශ්න විසඳා ගත නොහැකිව , තව දුරටත් පාලනය ගෙන යා නොහැකිව ඇති අවස්තාවක , ඉතා තීරණාත්මක සන්ධිස්තානයකදී නිර්ධන පන්තිය සටන්කාමිත්වයේ ඉහල හිනි පෙත්තට ළඟාවේ . අන්න එවැනි අවස්තාවක දී රටක් දේශපාලන වශයෙන් පුර්ණ විප්ලවීය තත්වයකට අවතීර්ණ විය හැක.

රෝහණ විජේවීර ...