Sunday, 14 July 2013

ඉතිහාසයේ සිදු වුයේ මෙසේය

ගොන්ගාලේගොඩ බණ්‌ඩා නායකත්වය දුන් මෙරට සුදු අධිරාජ්ය‍ විරෝධී සැබෑ කැරැල්ල සිදු වූයේ 1848 දීය. ඉංග්‍රීසි ආණ්‌ඩුවේ අසාධාරණ බදු අය කිරීම ආසන්න හේතුව කර ගනිමින් ඊට විරුද්ධව දීප ව්යාප්තව ඉතා සාර්ථකව දියත් කෙරුණු එම කැරැල්ලේදී සුදු සොල්දාදු වෙඩි පහරින් කැරැල්ලේ වීර චරිතයක්‌ වූ චන්ද්‍ර ජෝති හිමියෝ දිවි පිදූහ. ඒ දඹුල්ලේ සිට මාතලේට ආ උද්ඝෝෂණ පෙළපාළියේදීය. ඉන් පසුව දේශප්‍රේමීබව ප්‍රයෝහිකව ඔප්පු කල පුරන්අප්පු සහ ගොන්ගාලේගොඩ බණ්‌ඩා සුද්දන් ගේ වෙඩි උන්ඩ වලට අභීතව ලය දුනි.

1848 න් පසු මෙරට ඉතිහාසයේ වසර 123 ක කාලයක්‌ ගතව ගොස්‌ තිබියදී මර්දනයට හා පීඩනයට එරෙහිව කැරැල්ලක්‌ සිදු වූයේ 1971 දීය. ඒ 71 අප්‍රේල් නැඟිටීමයි. 1948 දී මෙන්ම 71 දීත් මහා මර්දනයක්‌ දියත් විණි. 71 කැරැල්ලේ වැරැදිකරුවන් යෑයි නම් කළ අයට නඩු පැවැරුණේ හිරු නොබසින අධිරාජ්යයේ මහා රාජිනියගේ ආණ්‌ඩුවට විරුද්ධව කැරැලි ගැසීමේ වරදට යෑයි කියමිනි. ඒ අතීතයට බලපාන පරිදි නීති සම්මත කළ අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසම හරහාය. අදත් කප්පරක්‌ සමාජ ආර්ථික දේශපාලන ගොහොරුවේ ගිලී සිටින තුන්වැනි ලෝකයේ අප වැනි රටවල යල් නොපිනූ, එහෙත් තවමත් දිනා ගත යුතු යථාර්ථයක්‌ බවට පත්ව තිබෙන අධිරාජ්යඅවාදයට හා නව යටත්විජිතවාදයට එරෙහි සටන් පාඨයේ ශ්රී ලාංකීය නිර්මාණකරුවා ජ.වී.පෙ. නායක රෝහණ විඡේවීරය. 1978 යුරෝපා සංචාරයේදී ප්රංශයේ සිට පැමිණෙන ඔහුට එංගලන්තයට ඇතුළු වීම සඳහා වීසා නිකුත් නොකිරීමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව වග බලා ගෙන තිබුණේ ඒ "වරද" නිසා විය හැකිය.
ඉන් පසු උදාවුයේ ඉන්දීය අත පෙවීම් ඔස්සේ ක්‍රියාත්මක වූ කුහක ඉන්දීය විදේශ ප්‍රතිපත්තියයි. ඒ හරහා පළමු වරට දකුණු ආසියානු කලාපයේ පැසිට්වාදී බෙදුම්වාදය ක්‍රියාත්මක කළා. පුහුණුවීම් , අවි ආයුධ ලබාදීම් හා මුල්‍යමය ප්‍රතිපාදන ලබා දෙමෙන් ඉන්දීය රෝ සංවිධානය අප රටට ත්‍රස්‌ තවාදය අපනයන කලා. මෙකී සියලු තත්වයන් දෙස දේශපාලන විචක්ෂණ භාවයෙන් බැලු එකම දේශපාලන පෞරෂය වුයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ අප සදාදරණීය විජේවීර සහෝදරයා පමණි. ඉන්දියානු වයප්තවාදය හරහා ක්‍රියාත්මක වූ ඉන්දු ලංකා ගිවිසුම දෙස දේශප්‍රේම් දෘෂ්ටියෙන් හා අධිරාජ්‍යවාදී විමසුමෙන් කල් යල් ඇතුව දුටු ඔහු , එකී කුට පරමාර්ථ ලාංකීය සිංහල ද්‍රවිඩ වරප්‍රසාද ලත් පන්තිය හා ඉන්දීය නරුමවාදීන් සමග එක්ව ක්‍රියාත්මක කල කුමන්ත්‍රණය අවිගත් අරගලයක බලපෑම මත පරාජයට පත් වුනා. ඉතිහාසය ලියවේ ඇත්තේ එසේය. අද බොහෝ පිරිසක් දේශප්‍රේමී සළු පිලි ඇඳ හුදු වාග් සංග්‍රාම කලද , ලාංකීය සැබෑ නිදහස් අරගලය වෙනුවෙන් අනුපමේය කැපවීම් කල මිනිසුන් නිදන්නේ අමුසොහොනක බව හිතාමතාම අමතක කොට ඇත.

No comments:

Post a Comment