Saturday 15 June 2013

මර්ධනය තුලින්ම විප්ලවීය නැගිටීමක්

ධනේශ්වර පන්තිය අතින් රාජ්‍ය බලය නිර්ධන පන්තිය වෙතට ගැනීම ආවාට ගියාට , හිතුමනාපයට , කෙනෙකුගේ අභිරුචිය අනුව කල හැක්කක් නොවේ. ධනේශ්වර පන්තිය වෙතින් නිර්ධන පන්තිය අතට බලය ලබා ගැනීම සඳහා විප්ලවයක් සිදු කිරීම කිසිවෙකුගේත් කැමැත්තට කල හැක්කක් නොවේ. නිර්ධන පන්තිය අතට රාජ්‍ය බලය ලබා දෙන නිර්ධන පන්ති විප්ලවයක් සිදු වන්නේ කොන්දේසි සමුදායක් එකට පැවතීම  හේතු කොට ගෙනය.විප්ලවීයක් සිදු විය හැක්කේ විප්ලවීය තත්වයක් මුහුකුරා ගිය විට පමණි. 
නමුත් ධනේශ්වර පන්තිය නිර්ධන පන්තියට එරෙහිව කරනු ලබන ඉසිලිය නොහැකි පන්ති මර්ධනය තුලින්ම විප්ලවීය නැගිටීමක් සඳහා උචිත විප්ලවීය තත්වයන් උත්පාදනය කරන්නේ නැත. පීඩකයා හා පීඩිතයා අතර වෙනස්වන බල සම්බන්දතාවයන් ගේ අඛණ්ඩ ක්‍රියාදාමය පන්ති සටනය . ජනතාව සුරා කන පාලක පන්තියට ලැබෙන සහයෝගයේ පදනම පුළුල් කර ගැනීමට එම පන්තිය නොකඩවාම විවිද ක්‍රමවලින් තැත් කරයි .පීඩිතයින්ගේ ස්වාදීන , දේශපාලන, සන්විදානාත්මක හැඩගැසුම් වල වර්ධනය මර්ධනය කර දැමීමට ඔවුන් උත්සහ කරයි. ඇතැම් විට වරදාන හා මර්ධනය යන දෙකින් එකක් අවදාරණය කරමින්ද , නැත හොත් ඒවා සම්බන්ද කරමින්ද , පාලක පන්තිය ඒ අතරේ දෝලනය වෙයි. මේ අඛණ්ඩ අරගලයේදී නිර්ධන පන්තිය ප්‍රහාරයේ යෙදී සිටින්න වූ මෙන්ම පසු  බැසීමේ යෙදී සිටින්නාවූ විවිද අවස්ථා තිබේ. පාලක පන්තිය බෙදී , , අවුල් වියවුල් වී ඇති අතර , පාලක පන්තිය ප්‍රශ්න විසඳා ගත නොහැකිව , තව දුරටත් පාලනය ගෙන යා නොහැකිව ඇති අවස්තාවක , ඉතා තීරණාත්මක සන්ධිස්තානයකදී නිර්ධන පන්තිය සටන්කාමිත්වයේ ඉහල හිනි පෙත්තට ළඟාවේ . අන්න එවැනි අවස්තාවක දී රටක් දේශපාලන වශයෙන් පුර්ණ විප්ලවීය තත්වයකට අවතීර්ණ විය හැක.

රෝහණ විජේවීර ...


No comments:

Post a Comment