Thursday 20 June 2013

සෑම සමාජ ආයතනයක් මෙන්ම දේශපාලන පක්ෂයකටත් පරිනාමයක් ඓතිහාසික විකාශනයත් සංවර්ධනයත් තිබෙනවා.

සෑම සමාජ ආයතනයක් මෙන්ම දේශපාලන පක්ෂයකටත් පරිනාමයක්

ඓතිහාසික විකාශනයත් සංවර්ධනයත් තිබෙනවා. ජනතා විමුක්ති 

පෙරමුණ පිළිබඳවත් සත්‍ය එයයි. ඕනෑම දේශපාලන පක්ෂයක් 

සංවර්ධනය වනුයේ ඒ රටේ පවතින සමාජ දේශපාලනමය තත්වයන්

 තුලයි.එබැවින් එම පක්ෂයෙහි අභන්තර තත්වයත් එය ගමන් ගත්

 මාර්ගයත් කොටින්ම මුළු මහත් පක්ෂය කෙරෙහි යමෙක් විග්‍රහ කරනවා

නම් එය කල හැක්කේත් , කල යුත්තේත් එම පක්ෂය පැවැති සහ 

සංවර්ධනය වුනු ඓතිහාසික තත්වයන් තුලය.




රෝහණ විජේවීර සහෝදරයා 

























Wednesday 19 June 2013

බොනපාට් වාදයෙන් මෙරට බේරා ගැනීමට ඉදිරියට එන්න ..!

ප්‍රජාතන්ත්‍රවාදී ඉතිවාසිකම් වැඩි වැඩියෙන් ජනතාව සතු වන්නේ නම් සමාජයේ සාමකාමී පරිවර්තනයකට වැඩි ඉඩකඩ සැල සෙන්නේ යැයි සිතිය හැක. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ජනතාවගෙන්උදුරා ගනු ලබන්නේ   නම් සමාජ විප්ලවය ප්‍රචණ්ඩ මාවතක් ගැනීම වැළක්විය  නොහැක. කල යුත්තේ පොදු මිනිස් අයිතිවාසිකම් හා යුක්තිය පසිඳලීමයි.එමගින් මෙරට පුරවැසියා විනාශ මුඛයට පමුණුවන එසේ කිරීමට තර්ජනය කරන බොනපාට් වාදයෙන් මෙරට බේරා ගැනීමට සහය වන ලෙසයි .අපේ අදහස් වූ කලී  පවතින සමාජමය තත්වයන්ගේ නිෂ්පාදනයකි.එය විනාශ කල නොහැක. ඒ අදහස් මරා දැමිය නොහැක. ඒවා සිරගත කල නොහැක. ඒ අදහස් අවසානයෙදී  තව තවත් මිනිස් මොළ සහ හදවත් විසින් ග්‍රහණය කරගනු ඇත. මේ අදහස් ග්‍රහණය කරගත් මිනිසුන් ඒවා ක්‍රියාවට නගනු ඇත. ශ්‍රේෂ්ට කොමියුනිස්ට් ක්‍රමයක් සඳගා අරගල කරනු ඇත. ඔව්..!!! මිනිසුන් සිරගත කල හැක. මිනිසුන් පෝරකයට යැවිය හැක.එහෙත් නුබලාට කල නොහැක්කේ මිනිසුන්ගේ අදහස් පෝරකයට යැවීමය ."
 රෝහණ විජේවීර 

Saturday 15 June 2013

මර්ධනය තුලින්ම විප්ලවීය නැගිටීමක්

ධනේශ්වර පන්තිය අතින් රාජ්‍ය බලය නිර්ධන පන්තිය වෙතට ගැනීම ආවාට ගියාට , හිතුමනාපයට , කෙනෙකුගේ අභිරුචිය අනුව කල හැක්කක් නොවේ. ධනේශ්වර පන්තිය වෙතින් නිර්ධන පන්තිය අතට බලය ලබා ගැනීම සඳහා විප්ලවයක් සිදු කිරීම කිසිවෙකුගේත් කැමැත්තට කල හැක්කක් නොවේ. නිර්ධන පන්තිය අතට රාජ්‍ය බලය ලබා දෙන නිර්ධන පන්ති විප්ලවයක් සිදු වන්නේ කොන්දේසි සමුදායක් එකට පැවතීම  හේතු කොට ගෙනය.විප්ලවීයක් සිදු විය හැක්කේ විප්ලවීය තත්වයක් මුහුකුරා ගිය විට පමණි. 
නමුත් ධනේශ්වර පන්තිය නිර්ධන පන්තියට එරෙහිව කරනු ලබන ඉසිලිය නොහැකි පන්ති මර්ධනය තුලින්ම විප්ලවීය නැගිටීමක් සඳහා උචිත විප්ලවීය තත්වයන් උත්පාදනය කරන්නේ නැත. පීඩකයා හා පීඩිතයා අතර වෙනස්වන බල සම්බන්දතාවයන් ගේ අඛණ්ඩ ක්‍රියාදාමය පන්ති සටනය . ජනතාව සුරා කන පාලක පන්තියට ලැබෙන සහයෝගයේ පදනම පුළුල් කර ගැනීමට එම පන්තිය නොකඩවාම විවිද ක්‍රමවලින් තැත් කරයි .පීඩිතයින්ගේ ස්වාදීන , දේශපාලන, සන්විදානාත්මක හැඩගැසුම් වල වර්ධනය මර්ධනය කර දැමීමට ඔවුන් උත්සහ කරයි. ඇතැම් විට වරදාන හා මර්ධනය යන දෙකින් එකක් අවදාරණය කරමින්ද , නැත හොත් ඒවා සම්බන්ද කරමින්ද , පාලක පන්තිය ඒ අතරේ දෝලනය වෙයි. මේ අඛණ්ඩ අරගලයේදී නිර්ධන පන්තිය ප්‍රහාරයේ යෙදී සිටින්න වූ මෙන්ම පසු  බැසීමේ යෙදී සිටින්නාවූ විවිද අවස්ථා තිබේ. පාලක පන්තිය බෙදී , , අවුල් වියවුල් වී ඇති අතර , පාලක පන්තිය ප්‍රශ්න විසඳා ගත නොහැකිව , තව දුරටත් පාලනය ගෙන යා නොහැකිව ඇති අවස්තාවක , ඉතා තීරණාත්මක සන්ධිස්තානයකදී නිර්ධන පන්තිය සටන්කාමිත්වයේ ඉහල හිනි පෙත්තට ළඟාවේ . අන්න එවැනි අවස්තාවක දී රටක් දේශපාලන වශයෙන් පුර්ණ විප්ලවීය තත්වයකට අවතීර්ණ විය හැක.

රෝහණ විජේවීර ...


Monday 10 June 2013

The man was born on Bastile Day....

There is a tall May flower tree 
just by the 8th hole of colombo golf club
He was tied to it and shot at down

Maniac of the Ops combine team 
Shot him at point blank range 
First round hit his head 
Second round to the chest 

Then, drag him to nearby cemetry 
He was alive , breathing still....
Thay throw him into the oven of the crematorium
yes..burn him alive...

The man who was born on Bastile day
was killed by the year of bicentenary celebaration
of the french revolution...

you risked your life for all of us 
today we honour all of you.
as you fought side by side
Thank you all for what you've done 

Thursday 6 June 2013

rohana

rohana

රොහණ විජෙවීර

අප මරා දැමුවද  අප නගන හඩ සදා නොමැකෙනු ඇත.

                                                             රොහණ විජෙවීර